2016 දෙසැම්බර් 10 වන සෙනසුරාදා

ඩිජිටල් අාදරේ මංමුලාවැල්.....

 2016 දෙසැම්බර් 10 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 177

කාලය බොහෝ දේ වෙනස් කරයි යන්න සනාථ කරමින් නූතන ප්‍රේමයේ පරිණාමය යහපත් පැත්තට වඩා අයහපත් පැත්තට ගලාගෙන යන බවක් දිස්වේ. සමාජ සම්මතයන්, හර පද්ධතීන් කුමක්වුවත් අවම වශයෙන් විශ්වීය ගුණයක් වන මානව දයාව පවා හීන කරමින් ප්‍රේමයේ අවගමනය සිදුවේ. ප්‍රේමය නාඳුනන ලිංගිකත්වය පමණක් හඳුනන (අවිද්‍යාත්මකව) නූතන මානවයන් පිරිසක් බිහිවී ඇත.

විරාගයේ සිට විරාගික අරවින්දලාවත් ගොළු හදවතේ දම්මි පිටුපෑමෙන් මත්පැනට ලොල්ව නාස්තිවෙන සුගත්ලාවත් අද නැතිවුවද, ප්‍රේමය අහිමිවීමෙන් දුකට පත්ව පෙම්වතියට පිහියෙන් අනින, ඇසිඩ් ගසන මාරක පෙම්වත්තු නම් ඕනෑ තරම් දැකගත හැක. එවන් ව්‍යසනයකට අනෙකාව හෙළන තැන ප්‍රේමයක් තිබිය හැකිද?  &මට නැත්නම් තොටත් නෑ* යන අන්තගාමී ගල් යුගයේ Theory දමන බොහෝ දෙනෙක් ඩෙනිම් හැඳ, සන්ග්ලාස් දමා, FB වල ඉන්න, හරිම මොඩර්න් අය වෙති. නමුත් බාහිරින් ඔවුන් Smart phone රුගෙන යන මොඩර්න් අය වුවත් අභ්‍යන්තරයෙන් ගල් යුගයේ මානවයාටත් එහාට ගිය අයවලුන් වෙති.

ප්‍රේමය පිළිබඳ බොහෝ දෙනෙක් තුළ පවතින අදහස් හණමිටි, බර කරත්ත යුගයටත් එහා සම්ප්‍රදායිකය. යෞවනයන්ද එම අදහස් හිස මුදුනින් පිළිගන්නට බලා සිටින්නේ විභාගවලට පිළිතුරැ ලියන ආකාරයටමය. නමුත් ප්‍රේමය පිළිබඳව පිටස්තරයකු ලෙස බලා, මමත්වයෙන් තොරව ප්‍රේමය හඳුනාගැනීමට ඔවුනට වෙලාවක් නැත. වෙලාවක් තිබුණද ඊට හුරැවක් පුරැද්දක් නැත. ප්‍රේමය පිළිබඳව යම් සංවාදයක් ඇතිවීමට අවශ්‍ය වුවද, පාසල් පද්ධතිය තුළ හෝ උසස් අධ්‍යාපන පද්ධතිය තුළ ඊට ඉඩ හසරක් වෙන් නොවේ. නූතනයේ &ගුරැ ගීතය* &ගොළු හදවත* &චෙම්මින්* කියවූ ප්‍රේමවන්තයකු ප්‍රේමවන්තියක සොයාගැනීමට නොහැකි වන සඳ ප්‍රේමය පිළිබඳ සංවාද ගැන කවර කතාද?...
කෙසේ නමුත් දුරින් හිඳ ප්‍රේමය දෙස බලන විට ළඟින් හිඳ ප්‍රේමය අත්විඳිනවාට වඩා යමක් හොඳින් පෙනේ. ඇත්තටම ප්‍රේමය යනු අප අයිති කරගන්නා දෙයක් නොව අනුන්ට දෙන දෙයකි. සැබෑ ප්‍රේමවන්තයා අනුන්ගෙන් කිසිවක් බලාපොරොත්තු නොවේ. ඔහු හෝ ඇය අනුන්ට ප්‍රේමය පුදන අයෙකුම පමණි. තමාට ප්‍රේමය නොලැබුණද අනුන්ගේ යහපත නිබඳවම දකිනු ලැබීමට කැමති අයෙකි. අද වනවිට අනුන් සතුටින් සිටීම දකිනු රිස්සන් වඳවී යන සත්ත්ව කොට්ඨාසයක් මෙනි.

ඉතින් නූතන මානවයන් නව තාක්ෂණය ඔස්සේ පරතෙරට ගියද ඔවුන් සැබෑ ප්‍රේමයක් අත්විඳීමට ගූගල් search කරන, යාහු search කරන, Apps සොයන සැබෑ අසරණයින් නොවේද?
 

♦ නයන්ත ජගත් පුංචිහේවා
වාඩිගල - රත්න 

 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00